ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි තහවුරු වෙයි

Ada Derana
Ada Derana
291.5 هزار بار بازدید - 4 هفته پیش - Ada Derana | ශ්‍රී ලංකාවේ
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#iran #president #ebrahimraisi #flight
©Reuters
©BBC
ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි තහවුරු වෙයි "කිසිවෙකු හෝ ජීවතුන් අතර බවට සේයාවක් නොමැත"
ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.

මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය 'යහපත් නොවන' බවය.

"ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත" යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන - අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය හෝ පිරිස සොයාගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ජනාධිපතිවරයාට අමතරව එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණි.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs  #PoliticalNews #TrendingNews #ViralNews
4 هفته پیش در تاریخ 1403/02/30 منتشر شده است.
291,511 بـار بازدید شده
... بیشتر